මාදම්පේ සිදුවූ බිහිසුණු අනතුරකින් 25 දෙනෙකු රෝහළට.. තත්වය බරපතළයි..

Accident Srilanka Bus
By Sithumini Jul 04, 2024 06:04 AM GMT
Report

හලාවත - කොළඹ මාර්ගයේ මාදම්පේ - ගලහිටියාව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා මේ වනවිට ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවෙ.

එම රෝගීන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන අතර අද උදෑසන දේවාල හංදියේ සිට හලාවත හරහා කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයකට වේගය පාලනය කරගැනීමට නොහැකිව, පුත්තලමේ සිට කොළඹ බලා එම දිශාවටම ධාවනය වූ සිමෙන්ති ලොරියක ගැටී ඇති බවයි වාර්තාවන්නේ.

අනතුරින් බස් රථයේ බද කොටසට දැඩි හානි සිදුව තිබෙනවා.