පාසල් දරුවන්ට සුභම සුභ ආරංචියක් - එළඹෙන මාර්තුවේ සිට ලැබෙන දේ මෙන්න..

Ministry of Education A D Susil Premajayantha Government Of Sri Lanka Sri Lankan Schools
By Sewvandhi Feb 01, 2024 12:33 PM GMT
Report

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ, එළඹෙන මාර්තු මාසයේ සිට මෙරට පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5වන ශ්‍රේණිවල සියලු‍ දරුවන් සඳහා දිවා ආහාර ලබාදීමට පියවර ගන්නා බවයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් ලක්ෂ 16ක් පමණ සිටින බවත් ඔවුන් වෙත පාසල් දිවා ආහාර වේල ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන්ව ඇති බවත්ය.

එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කළේ, 2024 වසර වෙනුවෙන් අවශ්‍ය පාසල් පෙළ පොත් සියල්ල මේ වනවිට මුද්‍රණය කර අවසන් බවත් පාසල් ආරම්භයෙන් පසු තෙවැනි වාරය අවසන් වූ වහාම එම පෙළ පොත් ද නිල ඇදුම් රෙදි ද පාසල් දරුවන් වෙත ලබාදීමට කටයුතු කරන බවත්ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම පිණිස බඳවාගත් උපාධිධාරීන් 162 දෙනෙකු වෙත ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට පත්වීම් ප්‍රදානය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (01) පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

පාසල් පද්ධතිය තුළ පවත්නා විදේශ භාෂා ඉගැන්වෙන පාසල් සංඛ්‍යාව පුළුල් කිරීමත්, භාෂා විද්‍යාගාර දැනට ක්‍රියාත්මක වන පාසල් වෙත නව විදේශ භාෂා හඳුන්වාදීමත් අරමුණු කරගනිමින් ප්‍රංශ, ජපන්, චීන, කොරියන්, හින්දි, ජර්මන් යන විෂයන් රජයේ පාසල් තුළ ඉගැන්වීම සඳහා සුදුසුකම් සහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවාගැනීමට අදාළව ලැබී ඇති අමාත්‍ය මණ්ඩල තීන්දුවක් අනුව මෙම පත්වීම් ප්‍රදානය සිදුකරන ලදී.

Sponsored By Sarrita Jewellery

පාසල් දරුවන්ට සුභම සුභ ආරංචියක් - එළඹෙන මාර්තුවේ සිට ලැබෙන දේ මෙන්න.. | Lunch For Primery Students Sri Lanka