ලොරි රථයක් ඇලට පෙරළීමෙන් සිදුවූ විනාශය..

Nuwara Eliya Accident
By Sithumini Sep 03, 2024 05:30 AM GMT
Report


තලවකැලේ සිට හැටන් කොටගල දක්වා යමින් සිටි ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරුව එය ඩෙවෝන් දිය ඇල්ලට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළ මාර්ගයට පෙරළී තිබුණා. අනතුරින් රියදුරු බරපතළ තුවාල ලබා දික් ඔය මූලික රෝහලට ඇතුලත් කෙරුණා.

ඊයේ (02) රාත්‍රි 7ට පමණ හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රාදේශීය රෝහල ආසන්නයේදි මෙම අනතුර සිදුවූ බවයි අප වාර්තාකරු පැවසුවේ