අදටත් ලෝකය පවා පුදුම වන විශ්ව ශක්තිය පිහිටි ස්ථාන 5ක් මෙන්න.
ඈත අතිතයේ සිටම ලකාවේ භූගෝලීය පිහිටීම විශ්ව ශක්තිය ලබා ගන්නට මැනවින් උපකාරී වෙලා තියෙනවා. අපේ ආදී මුතුන් මිත්තන් මේ ශක්තීන් බොහෝ කාර්යයන් සඳහා උපකාරී කරගත් බව ඉතිහාසයේ යම් යම් තැන්වල සඳහන් වෙනවා. ඇතැම් අයට අනුව විශ්ව ශක්තිය මිත්‍යාවක් වුවත් ලංකාවේ විශ්ව ශක්තිය උපයෝගී කරගත් බව සනාථ වන ස්ථාන බොහෝමයක් මේ වන විට හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ පළමු අධිරාජ්‍යා වුණු රාවණා රජුට එහිදී හිමිවෙන්නේ ප්‍රධාන ස්ථානයක්.
රාවණා රජු ගේ ගුරුවරයා රාවණා රජුට දස බල ඥාණ උගන්වා ඔහු විශිෂ්ඨයෙක් කල පසු විෂේශයෙන්ම ආරක්ෂා කල ස්ථානය වන්නේ විශ්ව ශක්ති කේන්ද්‍රයයි. ඉතින් විශ්ව ශක්ති පර්යේෂක ආචාර්ය සූරිය ගුණසේකර මහතා ඇතුළු පර්යේෂකයන්ට අනුව ලංකාවේ විශ්ව ශක්තිය ගැබ්වුණු සුවිශේෂී ස්ථාන කිහිපයක් පවතිනවා. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ විශ්ව ශක්තිය පිහිටි ස්ථාන 5ක් ගැනයි.
1. රුවන්වැලි මහා සෑය.
රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්‍යයකි. මෙය අතීත මහා විහාරයට අයත්වූ ප්‍රධානතම දාගැබ විය. එසේම මෙය වර්තමානයේ අටමස්තානයට අයත් ප්‍රධාන දාගැබ වේ. මෙම ස්ථූපය සොළොස්මස්ථාන (පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන අතරින් එකකි. ලංකාවේ ආධ්‍යාත්මික බල කේන්ද්‍රය විදියට සලකන රුවන්වැලි මහ සෑයේ කොත් කැරැල්ල හරහා විශ්වයේ ඉහළ ශක්තිය හා සම්බන්ධ වී ආකාශ ශක්තිය පොළවටත් , පොළවේ ශක්තිය ආකාශයටත් සම්බන්ධ කරන බව පර්යේෂකයන් පෙන්වා දී තියෙනවා. විශ්වයේ සුදුසුම ස්ථානය ලස සලකන්නේ මේ මහ සෑ පුදබිමයි.
2. නාලන්දා ගෙඩිගේ
නාලන්දා ගෙඩිගේ පෙර ස්ථානගතව තිබුණේ ලංකාවේ මධ්‍ය ලක්ෂයේ බවටත් එය රාවණා රජුගේ නිර්මාණයක් බවටත් පැවසෙනවා. ඇතැම් අය නම් ප්‍රමාණවත් සාධක නොමැති බව පවසමින් එය රාවණා රජුගේ නිර්මාණයක් නොවන බව පවසනවා. නමුත් රාවණා රජු සූර්යය ශක්තියෙන් වැඩගත් සිංහලයන්ගේ රජු විදියට සඳහන් වෙනවා. මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවා පිළිගන්නා ආකාරයට මේ නාලන්දා ගෙඩිගේ ස්ථානගතව පැවති ස්ථානය අඩු ගුරුත්වාකර්ශන බලයක් සහ වැඩිම විශ්ව ශක්තියක් ඇති ස්ථානයක් වනවා. අංග සම්පූර්ණ වාස්තු විද්‍යාවේ එකම වාස්තු නිර්මාණය විදියට සලකන නාලන්දා ගෙඩිගේ ගොඩනංවා ඇත්තේ සූර්ය ශක්තිය පොළවට ආකර්ෂණය කරගත හැකි පරිදියි . වාස්තු විද්‍යාවේ නියමයන් මගින් සූර්ය ශක්තියෙන් එන විශ්ව ශක්තිය නාලන්දා ගෙඩිගෙයි සතර පැති ස්පර්ශ කරමින් ඇදගන්නා ශක්තිය නාලන්දා ගෙඩිගෙය පිහිටි ස්ථානයේ හරිමැදට ඒකරාශී වෙනවා . ඒ නිසා සිවු හෙළයටම අවශ්‍ය ශක්තිය ලබාදුන් ස්ථානයක් ලෙසට මේ නාලන්දා ගෙඩිගෙය සලකනු ලබනවා.
3. සීගිරිය
සීගිරිය, ආලකමන්දාව, සිංහපුර, ගිරි බලකොටුව, සිංහ බලකොටුව, සිංහගිරිය, සිංහ බලපවුර හෝ සිංහ පර්වතය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිඹිස්ස ග්‍රාමය ආශ්‍රිතව පිහිටා ඇති බලකොටුවකි. මීටර් 200 ක (අඩි 661) පමණ උසකින් යුත් පර්වතය දැවැන්ත ස්වාභාවික නිර්මාණයකි. වසර දහස් ගණනාවකට පෙර රාජධානියක් ලෙසට පැවති මේ සුවිශේෂී ස්ථානය පාලන මධ්‍යස්ථානයක් ලෙසට තෝරාගන්නට ඇත්තේ විශ්ව ශක්තිය ආකර්ෂණය කරන ස්ථානයක පිහිටා තිබීම නිසා බව පර්යේෂකයන් අදහස් දක්වනවා.රාවණා පුරාවෘත්තයට සම්බන්ධ වන සීගිරිය කුවේරගේ ආලකමන්දාව ලෙස අතීතයේ ප්‍රසිද්ධව ඇත. අද වන විට කලාගාරයක් ලෙසටත් ජනතාවගේ හද බැදගන්නා ස්ථානයක් වන අතර එහි ගල ඇතුලේ මාලිගාව ආදී සැගවුනු රහස් බොහෝමයක් අදටත් අබිරහස් ලෙස පවතිනවා. ආචාර්ය සූරිය ගුණසේකර මහතා ඇතුළු පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට මේ අපූරු සීගිරි ගල විශ්ව ශක්තිය ගැබ්වුණු ස්ථානයක් ද වෙනවා.
4. ලකේගල
ලංකාවේ විශ්ව ශක්තිය ගැබ්වුණු තවත් සුවිශේෂී ප්‍රදේශයක් තමයි ලකේගල. සුවිශේෂී කන්දක් විදියට සලකන ලකේගල ගල් තුනක පිහිටීමක් විදියට හඳුනාගනු ලබන අතර මෙය මාතලේ දිස්ත්‍රික්කයට අයත් වෙනවා . මෙහි විශේෂත්වය ගැන කතා කළොත් මේ කන්ද ලංකාවේ හැඩයට සමාන නිසා ලකේගල වූ බව කියවුණත් එහි නිශ්චිත හැඩයක් කියන්නට බැහැ. කෙනෙක් කන්ද දෙස බලා ටික දුරක් ගොස් නැවත හැරී බැලූවිට දකින්නට ලැබෙන්නේ වෙනස් හැඩයක්. රාවණා රජු හා බැඳි කතා පුවත් බොහොමයකට මේ ලකේගල කන්ද සම්බන්ධ වෙනවා. එදා රාම රාවණා යුද්ධය සිද්ධවෙන්නට කලින් මේ කන්ද මීටත් වඩා විශාලව තිබුණු බවත් කියවෙනවා. ඒ වගේම රාවණා රජුට ලංකාව පිහිටි දිශාව පෙන්වන සලකුණ මේ ලකේගල කන්ද බව ද කියවෙනවා.
බැලූ බැලූ වරට වෙනස් හැඩයෙන් දිස්වෙන මේ ලකේගල කන්දේ ස්වාභාවික මායා ක්‍රමයක් ගැබ්ව තිබුණු බවත්, ඒ නිසා රාවණ රජුගේ බලකොටුවක් ලෙස ඒ කන්ද භාවිතා වූ බවත්, කන්දේ හරි මැද අබිරහස් ගුහා දෙකක් ද පැවති බවත් සඳහන්. ඒ විතරක් නෙවෙයි මේ ස්ථානයේ විශ්ව ශක්තිය ගැබ් වුණු බව සිතන්නට තියෙන කාරණා අතරින් වැදගත් කරුණු කිහිපයක්ම තියෙනවා. මේ කන්ද රාවණා රජු ස්වාභාවික පිරමිඩයක් විදියට භාවිතා කළ බවත්, කඳු මුදුනේ ආකාශ පර්යේෂණ් මධ්‍යස්ථනයක් පැවති බවත් ඒ අතර විශේෂයි. ඒ විතරක්න් නෙවෙයි රාවණා රජුගේ දඬු මොනරය ගුවන්ගත කළ ස්ථානය විදියටත් සලකන මේ ස්ථානය පර්යේෂකයන්ට අනුව විශ්ව ශක්තිය ගැබ්වුණු තවත් ස්ථානයක්.
5. සමනල කන්ද
ශ්‍රීපාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හදුන්වති. බෞද්ධ ජනයා "ශ්‍රීපාද" යන නාමය ඈත අතීතයේ පටන්ම එනම් බු.ව. 236 පෙර සිටම මෙම පූජනීය කන්ද හඳුන්වති. සමන් දෙවියන්ගේ අඩවිය නැතහොත් බුදුන් වහන්සේගේ සිරිපා ලකුණ සටහන් කර ඇති සමනල කන්ද විශ්ව ශක්තිය ගැබ්වුණු ස්ථානයක් ලෙසට සලකනු ලබනවා.අදටත් රහතන් වහන්සේලා වැඩ සිටින ආධ්‍යාත්මික බලය රැදුණු භූමියක් ලෙස සලකන සිරිපා කඳු මුදුන සුමන සමන් දෙවියන්ගේ හාස්කම් ඇති පාරිශුද්ධ භූමියක් ලෙසට සැලකෙනවා. යහපත් සිතින් සිරිපා කරුණා කරන්නට යන බැතිමතුන් විපතින් ගලවා ගන්නා අයහපත් චර්යා ඇත්තන්ට දඬුවම් පමුණුවන මේ බලගතු පින්බිමේ අදටත් මිනිසුන් ළඟා නොවූ සියැසින් නොදුටු ස්ථාන බොහෝමයි. ඒ අතරින් මහ බලගතු පලතුරු උයන එවැනි ස්ථානයක්. ඉතින් දෙව් බඹුන්ගේ වන්දනාවට නිතර ලක්වීම සිරිපා අඩවියේ විශ්ව ශක්තිය ගලා එන්නට හේතුවක් බව විශ්ව ශක්ති පර්යේෂකයන් පවසනවා.
ඉතින් ලංකාවේ සුවිශේෂී භූගෝලීය පිහිටීම නිසාවෙන් ලංකාවේ විශ්ව ශක්තිය සක්‍රීයව පවතින ස්ථාන කිහිපයක් ඇති බව පර්යේෂකයන් මේ වනවිට පෙන්වා දී අවසන් .
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |