නායයෑමක් නිසා ප්රධාන මාර්ගයක රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතී..!
Badulla
Colombo
Sri Lanka
Climate Change
Landslide In Sri Lanka
By Sewvandhi
අද (07) පස්වරුවේ කොළඹ - බදුල්ල ප්රධාන මාර්ගයේ හල්දුම්මුල්ල බත්ගොඩ ප්රදේශයේදී යළිත් නායයෑමක් සිදුවී තිබේ.
එම මාර්ගයේ 179 කිලෝමීටර් කණුව ප්රදේශයේ ස්ථානයක මෙම නායයෑම සිදුවී තිබෙනවා.
බදුල්ල කොළඹ මාර්ගයේ බෙරගල සහ හල්දුම්මුල්ල අතර මෙලෙස පස් කන්දක් නායගොස් ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.
මෙම ප්රදේශයේදී ඊයේ (06) ද නායයෑමක් සිදුවී තිබුණි.