මොකක්ද මේ Linux ?

By Wayomi May 16, 2022 11:51 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

පරිගණක භාවිතා කරද්දී operating system එක අමතක කරන්නම බැරි දෙයක්.එය පරිගණකයේ වැදගත්කම අංගයක් විදිහට තමයි සැලකෙන්නේ.

OS කියන්නේ පරිගණකයේ hardware සහ software අතර අවශ්‍ය සම්බන්ධතාව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මෘදුකාංගයයි. සාමාන්‍යයෙන් පරිගණක වල භාවිතා වන ප්‍රධානතම OS වර්ග කිහිපයක් තියෙනවා. ඒ අතර windows, mac, Linux මෙහෙයුම් පද්ධති මූලික තැනක් ගන්නවා.

මොකක්ද මේ Linux මෙහෙයුම් පද්ධතිය

Linux උපත ලබන්නේ 1969 දෙසැම්බර් මස 26. Linus Torvalds නැමැති පරිගණක ඉන්ජිනේරුවරයා විසින් මුලින්ම Linux kernel නිපදවනවා. සියලුම Linux OS නිපදවලා තියෙන්නෙත්, මෙම Linux kernel එක මත පදනම්වයි.

මේ වන විට ලෝකයේ Linux kernel භාවිතයෙන් නිපදවා ඇති මෙහෙයුම් පද්ධති ලෙස ubuntu, fedora, RedHat, BodhiLinux, Debain,CentOS ලෙස හඳුනාගන්න පුළුවන්. මෙම මෙහෙයුම් පද්දති Linux distribution ලෙස ද හඳුන්වනවා.

ලංකාවේ අය වෙනුවෙන් ද Linux මෙහෙයුම් පද්ධති නිර්මාණය කරලා තියෙනවා. ඒවා සහළාන Linux සහ හන්තාන Linux යන මෙහෙයුම් පද්ධති දෙක. මෙම Linux OS වල ඇති ප්‍රධානතම විශේෂත්වය වන්නේ open source මෙහෙයුම් පද්ධතියක් වීමයි. ඒකෙන් වෙන්නේ මෙම මෙහෙයුම් පද්ධති අපට අවශ්‍ය ආකාරයට නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතිනවා.