දියණියගේ නිවසේ රැඳී සිටි මව ඝාතනය කරයි..!

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Apr 21, 2023 12:55 PM GMT
Report

පොලීසිය සඳහන් කළේ, සිව්දරු මවක ඝාතනය කර ඇයගේ ගෙල බැඳි රන් මාලය සහ කරාබු ජෝඩුව පැහැරගෙන ගොස් ඇති බවයි. 

අද (21)  ළිඳුල පොලිස් වසමට අයත් වොල්ට්‍රිම් වතුයායේ තම දියණියගේ නිවසේ රැදි සිටි සිව්දරු මවක්ව එසේ ඝාතනය කර ඇති බවයි ළිඳුල පොලීසිය ප්‍රකාශ කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වෙන්ගඩාසලම් සත්‍යභාමා නැමති 68 හැවිරිදි සිව්දරු මවකි.

අද උදෑසන දියණිය සහ බැණා රැකියාව සඳහා පිටත්ව යාමෙන් අනතුරුව නිවසේ රැඳී සිටි මිණිබිරියද නිවසින් බැහැරව ගිය අවස්ථාවේදී නිවසට ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දි ඇය ඝාතනය කර ඇති බව පොලීසිය පැවසීය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now