ලයිට්ස් විතරක් off කරලා කරන්ට් බිල ඉතිරි කරන්න පුළුවන්ද?

By Wayomi May 11, 2022 03:34 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කොච්චර කරන්ට් එක කැපුවත් කරන්ට් බිලේ නම් අඩුවක් නැහැනේ. කරන්ට් එක ඉතිරු කරන්න ඕන නිසා ගොඩක් අය කරන්නේ ලයිට්ස් off කරන එක. ඒ ඇරෙන්න කරන්ට් බිල අඩු කරගන්න වෙන කරන්න පුළුවන් දේවල් නැද්ද? 

- ඕෆ් පීක් වෙලාවට රෙදි සේදීම, වතුර මෝටරේ ගැසීම වගේ වැඩිපුර කරන්ට් එක භාවිතා වන වැඩ කරගන්න. ඕෆ් පීක් කියන්නේ මිනිස්සු වැඩි දෙනෙක් පාවිච්චි නොකරන ඉල්ලුම අඩු වෙලාව. ඒ වෙලාවට වැඩ කරගත්තොත් විදුලි මිලට පොඩි සහනයක් ලබාගන්න පුළුවන්.

- ප්ලග් කරන චාජර්ස් වැඩේ ඉවර වුණාට පස්සේ ස්විච් එකෙන්ම off කරලා දාන්න. සමහරු කරන වැඩක් තමයි වැඩේ කරගෙන චාජර් එක එහෙම්ම තියෙද්දී සුවිච් එක දාලා යනවා. එතකොට වෙන්නේ නිකරුණේ විදුලිය නාස්ති වෙන එක විතරයි.

- AC එක මාස කීපෙකට වරක් සුද්ධ කරලා එයාර් කන්ඩිෂන් ෆිල්ටර් එක මාරු කරන්න. එකෙන් කුණු දූවිලි වලින් අවහිර වෙලා අමාරුවෙන් දුවන තත්වය නැතිවෙලා ඇදගන්න කරන්ට් ප්‍රමාණය අඩු වෙනවා.

- රෙදි දෙක තුන වොෂින් මැෂින් එකේ දාලා හෝදන එක පාඩුයි. ඒ, නිසා වොෂින් මැෂින් එකේ උපරිම හෝදන්න පුළුවන් ප්‍රමාණයට කිළිටු රෙදි එකතු වුණාම රෙදි සෝදන්න.

- විදුලි බිල ඉතුරු කරගන්න නම් LED බල්බ් පාවිච්චි කරන්න.

- හීටර් ජග් එකේ වතුර උණු කළාම අවශ්‍ය වැඩේට වතුර අරන් ඉතිරි ටික නිවෙන්න අරිනවා. ඊට පස්සේ ආයේ ආයේ වතුර රත් කරනවා. මේකටත් ලොකු විදුලි ධාරිතාවක් වැය වෙනවා. ඒ නිසා එක වරම උපරිම වතුර ප්‍රමණයක් රත් කරලා ඉතිරි ටික උණු වතුර බෝතලයකට දාලා තියාගන්න.

- වතුර නාස්තිය අවම කරන්න. වතුර නාස්ති වෙනවා කියන්නේ, ඉක්මනට ටැංකියට වතුර පිරෙන්න මෝටරේ ගහන්න වෙනවා. එහෙම මෝටරේ නිතර නිතර ගහනකොට මාර විදියට කරන්ට් එක යනවා.