කඩෙන්ම ගන්න බලන් ඉන්නේ නැතිව ගෙදරම හදාගන්න.
මේ දවස්වල කන්න නෑ, බොන්න නෑ. කඩවල් වල කෑම බීම එළවලු හිඟයි. තව ටික දවසකින් මේ දේවල් නැත්තටම නැතිවෙන්න පුළුවන්. හැබැයි ගෙදර තියෙන පුංචි ඉඩේ හරි කන එළවළුවක් එහෙම වවාගත්තොත් නරකක් වෙන්නේ නැහැ. මේ කියන්න යන්නෙත් ගෙදර පුංචි ඉඩක වුණත් පහසුවෙන් වගා කරන්න පුළුවන් විදිහක් ගැනයි. ඉතින් වගා කරන්න හදන්නේ සුදු ළූණු.
විද්‍යාත්මකව ඇලියේසියේ කුලයට අයත් වන සුදු ළූණු, ඇලියුම් සැටයිවම් (Allium sativum) නමින් හඳුන්වනවා.සුදු ළූණු කොළ සහ ගෙඩි ප්‍රෝටීන, ඛනිජ, තන්තු හා විටමින්වලින් පිරිපුන්යි. හෘදය රෝග ඇති වීම කෙරෙහි බලපාන වැදගත් හේතුවක් වන රුධිරගත කොලෙස්ටරෝල් පාලනය කිරීමට සුදු ළූණු වලට ඉහළ හැකියාවක් ඇති බවතියෙන බව පර්යේෂණවලදී තහවුරු වෙලා තිබෙනවා. ඒ නිසාම සුදු ළූණු වලින් සකස් කරන ලද සමහර නිෂ්පාදන වෙළෙඳපළෙහි ඉතා ඉහළ මිලකට අලෙවි වෙනවා. පහුගිය කොරෝනා කාලයේ නම් සුදු ළූණු වලට වැඩි ඉල්ලුමකුත් තිබ්බා.
මේකට ඕන වෙන්නේ,
- හොඳින් මේරූ සුදු ළූණු ගෙඩියක් ,
- හිටවගන්න බදුනක් ,
- වීදුරුවක්
මෙහෙමයි කරන්න ඕන,
- මුලින්ම සුදු ළූණු ගෙඩිය අරගෙන පොත්ත ඉවත් කර ගන්න.
- පස්සෙ මුල් හැදෙන පැත්ත යටට හිටින විදියට වතුර එකකට දාන්න.
- වතුර එක දවස් දෙක තුනකට සැරයක් මාරු කරන්න.
- දැන් සති 1- 3 ක් වගේ යනකොට මුල් අදිනවා බලා ගන්න පුළුවන්.
ඊලඟට කරන්න ඕන පොහොර මිශ්‍රණය හදා ගන්න එක.ඒක හදා ගන්නෙ මෙහෙමයි,
- කොම්පෝස්ට් -1
- වැලි - 1/2 - මතුපිට පස්
-1/2 දාල මිශ්‍රණය හදා ගන්න.
- ඊට පස්සේ අර මුල් ඇදපු සුදු ළූණු බිග් විදියට වෙන් කරලා හිටව ගන්න.
- හිටවනකොට සුදු ළූණු ගෙඩිය හැදෙන්න ඉඩ තියෙන විදියට බදුනට පස් දාන්න අමතක කරන්න එපා.
- ඔයාලට මාස 3 කට පස්සෙ සුදු ළූණු හැදිලා තියෙනවා බලන්න පුළුවන්.



