කොවිඩ් පාලනයට රට තුළ නව රෙගුලාසි දැඩි කරයි - නව රෙගුලාසි ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි..

COVID-19 COVID-19 Vaccine Government of China China
By krishani May 01, 2022 09:19 AM GMT
krishani

krishani

in චීනය
Report

චීනයේ බීජිං අගනුවර ක්‍රියාත්මක කොවිඩ් රෙගුලාසි තවදුරටත් දැඩි කර තිබෙන අතර පොදු ස්ථානවලට ඇතුළු වන්නේ නම් බීජිං අගනුවර වැසියන් ඔවුන් කොරෝනා ආසාදනය වී නොමැති බවට පරීක්ෂණ වාර්තා මගින් ඉදිරිපත් කළ යුතු බවටයි චීන බලධාරීන් කොන්දේසි පනවා ඇත්තේ.

ලෝක කම්කරු දිනයට සාපේක්ෂව බීජිං වැසියන්ට ඊයේ(30) සිට දින 05 ක නිවාඩුවක් හිමිව තිබෙනවා.

එම නිවාඩුව ආරම්භයත් සමගයි අදාළ නව රෙගුලාසිය හඳුන්වාදී ඇත්තේ. මේ අතර එළඹෙන 05 වනදා සිට බීජිං වැසියන්

පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නේ නම් එම අවස්ථාවේදීත් ඔවුන් කොරෝනා ආසාදිත නොවන බවට තහවුරු කළ යුතු වනවා.

එමෙන්ම අද සිට ලබන 04 වනදා දක්වා බීජිං නුවර සියලු අවන්හල් වසා තැබෙනු ඇති. එම දිනවලදී සිය නිවෙස්වල ආහාර පිස ගන්නා ලෙයසි බීජිං බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත්තේ.

චීනය මේවනවිට තවත් කොරෝනා රැල්ලකට මුහුණ දෙමින් සිටින අතර එය පාලනය කිරීම සඳහා රට තුළ දැඩි රෙගුලාසි ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join