ලාවුළු නොකන අයට ආසාවෙන් රස බලන්න ලාවුළු පුඩින්...

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Jul 04, 2022 11:11 AM GMT
Subodha

Subodha

in රචනා
Report

අතීතයේ ශ්‍රි ලාංකික අප රස විද ඇති සැම නිවසකම පාහේ පළතුරක් ලෙස වගා කර තිබු මෙම පළතුර වර්තමාන පරපුර කිසිදාක රස විද හෝ දැක නොමැති පළතුරක් බවට පත් වි ඇත. නමුත් එහි පෝෂණ ගුණය නම් අඩුවක් නැත. ඉදුණු විට දැකුම් කළු කහ පැහැයකින් යුතු මෙම පළතුර ඉතාමත් ඉහළ පෝෂණ ගුණයකින් සමන්විතය. බොහෝ දෙනෙකු ආහාරයට ගැනීම‌ට මැලිතාවයක් දක්වන මෙම ලාවුළු වලින් විවිධ ආහාර රැසක් සාදාගත හැකිය. එසේ සාදාගත හැකි ආහාර අතර ලාවුළු පුඩින් ලොකු කුඩා කවුරුත් ආසාවෙන් ආහාරයට ගන්නා අතුරුපසකි.

 අවශ්‍ය ද්‍රව්‍ය -
  • හොඳින් ඉදුණු ලාවුළු ගෙඩි 2
  • කිරි කෝප්ප 2
  • ටින්කිරි කෝප්ප 1
  • සීනි කෝප්ප 1/2
  • ආමන්ඩ් ස්වල්පයක්
  • කජු ස්වල්පයක්
සාදා ගන්නා අයුරු -

ලාවුළු මදය සූරා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. පෑන් එකට කිරි ටික දාලා රත් වෙන්න තියන්න. මේකට ටින්කිරි ටිකත් දාගන්න. ටින්කිරි ටික දාලා හැඳිගාමින් උණුකරගන්න. වෙනම පෑන් එකකට සීනි ටික දාලා ලිපේ තියන්න.ටිකකින් වතුර මේස හැඳි 2ක් දාලා හැඳිගාන්න. කැරමල් එක හැදීගෙන එනකොට ආමන්ඩ් හා කජු ටික දාගන්න. ටිකකින් ලිපෙන් බාගන්න. දැන් බ්ලෙන්ඩ් කරගත් ලාවුළු වලට උණුකරගත් කිරි ටික දාලා හොඳට බීට් කරගන්න. මේක තික් වැඩි නම් උණුවතුර ටිකක් දාලා කලවම් කරගන්න. දැන් පුඩින් බෝල් එකට මේක දාලා උඩින් කැරමල් කරගත් කජු හා ආමන්ඩ් ඉසගන්න. පැය 2ක් ෆ්‍රිජ් එකේ තියලා කෑමට ගන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග
Join now