දිව ඔසුවක් බදු ලාවලු මෙච්චර ගුණයි කියා ඔබ සිතුවාද..?

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Jun 29, 2022 04:15 AM GMT
Subodha

Subodha

in රචනා
Report

වර්තමානය වනවිට අමතකව ගොස් ඇති ලාවුලු පෝෂ්‍යදායි බවෙන් ඉතා ඉහළ අගයක පවතින පලතුරකි. වස විස නැති ලාවලු (Canistel) ඉතා අඩු මිලකට ලබා ගත හැකි රසවත්ම පලතුරක්. දකුණු මෙක්සිකෝවේ හා මධ්‍යම ඇමෙරිකාවේ උපත. ශ්‍රී ලංකාව වගේම ඉන්දියාව, පිලිපීනය, බ්‍රසීලය , තායිවානය , වියට්නාමය වැනි රටවල හොඳින් වැවෙන පලතුරකි. තැම්බූ බිත්තර කහ මදය මෙන් දිස්වන නිසා “බිත්තර පලතුර (Egg Fruit)” ලෙස ද ලාවලු හැඳින් වේ. ඉදුණු ලාවලු ව්‍යාංජන, ජෑම්, මාමලේඩ්, අයිස් ක්‍රීම්, කස්ටඩ්, පෑන්කේක් ආදිය සැකසීමට භාවිතා කෙරේ.

ලාවුලු විටමින් A සහ B බහුල ලෙස අඩංගු ලාවුලු පලතුරෙහි කාබෝහයිඩ්‍රේට්, යකඩ, කැල්සියම් ආදිය ද වැඩිපුර දක්නට ලැබේ. අනෙකුත් තැඹිලි පාට පළතුරු වල මෙන්ම ලාවලු වල ද බීටා කැරොටින් ඇත. ලාවුලු වල ඇති යකඩ ප්‍රමාණය අධික නිසා එය සමස්ත සෞඛ්‍යය වර්ධනය සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වන අතර එය රක්තහීනතාව ඇති වීමේ අවදානම වළක්වා ගැනීමට උපකාරී වේ. එසේම මොළයේ සෞඛ්‍යය තත්වය වැඩි දියුණු කිරීම හා ඇල්සයිමර් රෝගය හා ඩිමෙන්ශියාව වැනි ස්නායු පද්ධතියේ ආබාධ අවදානම වළක්වා ගැනීමට උපකාර වේ.

ලාවලු වල  ගුණ 

* ප්රදාහ නාශක ගුණයක් පවතින බැවින් ලාවලුවල ඇති සංයෝගයක් ඊට උදව් වේ.

* නීරක්තතාවයෙන් පෙළෙන අයට කදිම ඖෂධයකි.

* පාචනය සෑදුණු විටෙක ලාවලු කෑමට බියවිය යුතු නැත.

* පෙනහලුවල රෝගී තත්ත්වයක් ඇතිවූ අවස්ථාවක ඒ තත්ත්වය මගහරවා ගැනීමට ලාවලු ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබේ.

* ශරීරයෙහි කොලෙස්ටරෝල් ප්රමාණය අඩු කරන නිසාවෙන් කොලෙස්ටරෝල්වලින් පෙළෙන අයට කෑමට ගැනීමට හැකිය.

* මළ පිටවීම පහසු කරනා බැවින් මළ බද්ධයට වඩාත් උචිතය.

* අර්ශස්වලට ගුණදායක පලතුරක් ලෙස ආයුර්වේදයේ සඳහන් වේ.

* ඔබටත් මතක ශක්තිය පිළිබඳ ගැටලුවක් පවතී නම් ලාවලු ආහාරයට ගැනීමෙන් මතක ශක්තිය වර්ධනය කරයි.

* මානසික ආතතිය නිසා පීඩා විඳින අයට ලාවලුවලින් සහනයක් ලැබේ. * තුවාල සුව කිරීමට හැකියාවක් මෙම පලතුරට ඇත.

* අජීර්ණයක් සෑදුණු අවස්ථාවක ගුණදායකය.

* දත් කැක්කුමට

* දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමක් සිදුවේ.

* කනෙහි ඇතිවිය හැකි විවිධ රෝගවලින් ඔබව නිරෝගී කරයි. ඒ නිසා හැකි හැම අයුරකින්ම ලාවලු නිතර ආහාරයට එකතු කර ගන්න.

* හිසරදය පාලනය කිරීමේ අපූරු ගුණයක් ලාවලුවල පවතින බැවින් එම පලතුරු ආහාරයට වඩාත් සුදුසුය.

* ඔබත් හෘද රෝගයට 

* අපස්මාර රෝගයට ගොදුරු වූවන්ට ලාවලුවලින් සෙතක් සැලසේ’

* සීරීම්වලින් ඉක්මන් සුවය ලබාදී ඔබව ආරක්ෂා කරයි.

* ඔබත් හිසකෙස් ගැලවී යන රෝගයෙන් දුකට පත්වූවෙකු නම් ලාවලු ආහාරයට ගන්න.

* කළුපැහැති කෙස් කලඹක් වර්ධනය කර ගැනීමට හිසකෙස්වල වර්ධනයටත් ලාවලු හිතකරය.

* විදුරුමස්වලින් රුධිරය පිටවීමේ රෝග සඳහා ලාවලු වඩාත් උචිතය.

* පැහැපත් සමක අයිතිකාරියක් වන්න, කාන්තාවෙනි ඔබටත් හැකිය. ඒ ලාවලු පලතුර ආහාරයට ගැනීමෙනි.

* ශරීරයෙහි දැවිල්ල නැති කිරීමට වඩාත් යහපත්ය.

* ශරීරයේ අස්ථි මෙන්ම දත් වැඩීමට උපකාරී වේ.

* ශරීරයෙන් ප්රතිශක්තිය දියුණු කරයි.

* පිළිකා සෑදීමේ ප්රතිශතය නැති කර දැමීමේ ශක්තියක් මෙම පලතුරෙහි වේ.   


* වකුගඩු රෝගවලින් පෙළෙන අයට ලාවලු කෑමට ගැනීම සුබදායක නොවේ.
* නිතර නිතර බඩපිපුම ඇති අයටද ලාවලු ගුණදායක නොවේ 

ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now