ගිනිකන්දක භූකම්පනයක්..

Earthquake
By Sithumi Dec 11, 2022 03:22 PM GMT
Report

චිලී හි ඇන්ඩීස් ප්‍රදේශයේ පිහිටි ගිනිකන්දක භූ කම්පනයක් හටගෙන තිබේ.

චිලී ජාතික භූ විද්‍යා සහ පතල් කැණීම් සේවය වාර්තා කළේ, චිලී හි ලාස්කාර් ගිනිකන්ද තුළ එම භූ කම්පනය හටගෙන ඇති බවය.

භූ කම්පනයෙන් අනතුරුව ගිනිකන්දේ දුම් සහ අළු මීටර 600ක පමණ ප්‍රදේශයකට පැතිර ගොස් තිබේ.

මේ හේතුවෙන් ගුවන් යානාවලට ද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now