ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 05ක මිල ගණන් අඩු කරයි - ඒ අනුව නව මිල ගණන් මෙන්න.

Government Of Sri Lanka Lanka Sathosa
By krishani Dec 21, 2022 08:29 AM GMT
krishani

krishani

in ආහාර
Report

රජයට අයත් ලංකා සතොසෙන් අද (21) දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කර ඇත.

ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ 05ක සංශෝධිත මිල ගණන් මෙසේය.

ලොකු ළූණු කිලෝග්‍රෑමයකින් රු. 5.00 ක් අඩු කර ඇත.නව මිල - රු. 185ක්.

රතු පරිප්පු කිලෝග්‍රෑමයකින් රු. 7.00ක් අඩු කර ඇත.නව මිල - රු. 378.00ක්.

ටින් මාළු (දේශීය 425g) එකකින් රු. 10.00ක් අඩු කර ඇත.නව මිල - රු. 480.00ක්.

මිරිස් කිලෝවකින් රු. 15.00ක් අඩු කර ඇත.නව මිල - රු. 1780.00ක්.

හාල්මැස්සන් කිලෝග්‍රෑමයකින් රු. 50.00ක් අඩු කර ඇත.නව මිල - රු. 1,100.00  ක් වේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join