දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම්..

Sri Lanka
By krishani Oct 14, 2022 07:53 AM GMT
Report

කළුතර ,ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇත.

අද (14) සවස 6.30 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රදේශයටත් ,කළුතර අගලවත්ත ,මතුගම ,බණ්ඩාරගම,පාලින්දනුවර,බුලත්සිංහල ,වලල්ලාවිට,ඉංගිරිය ,දොඩංගොඩ ප්‍රදේශවලටත්,රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම,කිරිඇල්ල ,ඇහැලියගොඩ,ඇලපාත ,රත්නපුර ,නිවිතිගල ,පැල්මඩුල්ල ,කුරුවිට සහ කලවාන ප්‍රදේශවලටත් මෙම මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙයි.