අනතුරු ඇගවීම දීර්ඝ කෙරේ - දිස්ත්‍රික්ක 10ක් අනතුරේ..

Sri Lanka Climate Change Landslide In Sri Lanka Weather
By Sewvandhi Oct 17, 2023 03:53 PM GMT
Report

දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඒ අනුව බදුල්ල, රත්නපුර, ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නව නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර එය හෙට (18) පස්වරු 03 දක්වා වලංගු වන බවයි.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (17) රාත්‍රියේ ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි.

උතුරු, උතුරු මැද, වයඹ ,නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත්, නුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකිය.

එම ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියාර ගන්නා ලෙසයි.