දැඩි අවධානයෙන් පසුවන්න - ගම් කිහිපයක ජනතාව ආරක්ෂක ස්ථාන වෙත..!
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශයට අනුව, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග හල්දුම්මුල්ල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේ, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් උස්බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් සක්‍රීය වී ඇති නායයෑමේ අවදානම මත කොස්ලන්ද මීරියබැද්ද පදිංචි පවුල් 134ක්, මහකන්ද කොටසේ පවුල් 23ක් සහ ඉහළ මකල්දෙණිය ප්‍රදේශයේ පවුල් 84ක් කොස්ලන්දවත්තේ තේ කර්මාන්තශාලාවක් වෙත යොමු කිරීමට පියවර ගැනුණි.
මේ අතර ඌව පරණගම උඩුහාවර ප්‍රදේශයට ඊයේ ඇද හැලුණු අධික වර්ෂාවෙන් පසු ප්‍රදේශයේ වෙල් යායේ කුඹුරුවලි හිම ආකාරයේ සුදු පැහැති බුබුළුවලින් යුත් ද්‍රව්‍යක් දැක ගැනීමට හැකි වී තිබේ.
ඉදිරි දින කිහිපය තුළ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේය.