ප්‍රදේශ දෙකකට කහ අනතුරු ඇඟවීම් නිවේදන - ඉදිරි පැය 36 සදහා කාලගුණයෙනුත් විශේෂ නිවේදනයක්..!

Sri Lanka Climate Change Landslide In Sri Lanka Weather
By Sewvandhi Sep 18, 2023 01:20 PM GMT
Report

පසුගිය පැය 24 තුළ පැවති අධික වර්ශාපතනයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් සඳහා කහ පැහැති වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ හපුතලේ ප්‍රදේශ සඳහා විමසිලිමත් වියයුතු බවට සඳහන් කහ පැහැති වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

අද පස්වරු 4ට ඉදිරි පැය 36 සඳහා අදාළ වන පරිදි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ වයඹ පළාතේත් මහනුවර, නුවරඑළිය හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය.

එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවලද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පෞද්ගලික බස් රථවල වැරදි කියන්න මගීන්ට දුරකථන අංක.......මේ පළාතේ බස්රථ වැරදි කලොත්..දැඩි දඬුවම් ..

පෞද්ගලික බස් රථවල වැරදි කියන්න මගීන්ට දුරකථන අංක.......මේ පළාතේ බස්රථ වැරදි කලොත්..දැඩි දඬුවම් ..

පාස්කු ප්‍රහාරයේ සත්‍ය ගෝඨාභයත් හැංගුවා. දැන් රනිලුත් හංගනවා පාස්කු ගැන සජිත් කියන ආන්දෝලනාත්මක කතාව.

පාස්කු ප්‍රහාරයේ සත්‍ය ගෝඨාභයත් හැංගුවා. දැන් රනිලුත් හංගනවා පාස්කු ගැන සජිත් කියන ආන්දෝලනාත්මක කතාව.