නායයෑම් අනතුරු නිවේදනය තවත් දීර්ඝ කෙරේ..! නාවික හා ධීවර ප්‍රජාවටත් රතු නිවේදන..!

Nuwara Eliya Sri Lanka Landslide In Sri Lanka Weather
By Sewvandhi Jul 05, 2023 04:51 AM GMT
Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ, නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය අද (05) රාත්‍රී 11 දක්වා තවදුරටත් බලපැවැත්වෙන බවයි.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශය සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙනු ඇති.

මේ අතර, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන්නැයි දැනුම් දී තිබේ.

එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 - 70 දක්වා වැඩි විය හැකි අතර මුහුදු රළ උස මීටර් 2.5 - 3ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ අංශ නිවේදනය කරයි.

මුහුදු ප්‍රදේශය රළු වන අතර විටින් විට ඉතා රළු වේ. එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීම අවදානම් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී

GalleryGallery