දිස්ත්‍රික්ක 7කට නායයෑමේ රතු නිවේදන..

Sri Lanka Weather
By krishani Nov 07, 2022 08:23 AM GMT
Report

දිස්ත්‍රික්ක හතක් තවදුරටත් නායයෑමේ අවදානම් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ බදුල්ල , මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වලටයි.

කෙසේවෙතත් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ ජනතාව පස් කඳු කඩා වැටීම් සහ නායයෑම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ද අවදානම් සහිත ස්ථානවලින් ඉවත්වීමේ නිවේදනයක් ද එම ප්‍රදේශයට නිකුත් කර ඇති බව සඳහන් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join