දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු අඟවයි..

Weather
By krishani Sep 06, 2022 02:33 AM GMT
Report

කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට අදාලව නාය යෑමේ අවදානම් නිකුත් කර තිබේ.

ඉදිරි පැය 24 තුළ අත්තනගලු, කළු, කැලණි, ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිත ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන අතර පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් එම ගංගාවල මේ වන විටත් ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ට වැඩි වැසි අපේක්ෂා කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join