" ලැක්ටෝස් ඉන්ටොලරන්ස් " ඇති වෙන්නේ ඇයි?

By Wayomi May 08, 2022 10:45 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report
ලැක්ටෝස් කියන වචනය හොඳට අහලා පුරුදු වචනයක්. හැබැයි ඒ ගැන වැඩි යමක් නම් දන්නේ නෑ නේද?...
ලැක්ටෝස් කියන්නේ කිරි සහ කිරි නිෂ්පාදනවල අඩංගු සීනි වර්ගයක්. අපේ කුඩා බඩවැල්වල ඇති එන්සයිමයක් වන ලැක්ටේස් ප්‍රමාණවත් තරම් නිපදවන විට ලැක්ටෝස් ජීර්ණය කරන්න පුළුවන්. 
ලැක්ටේස් ප්‍රමාණවත් ලෙස නිපදවූයේ නැත්නම් ලැක්ටෝස් ඉන්ටොලරන්ස් ඇති වෙනවා . ඒ වගේ අවස්ථාවක දිරවන්නේ නැති ලැක්ටෝස් දිරවනවා වෙනුවට අපේ බඩවැලේ ගමන් කරනවා. එතකොට බඩවැලේ ඇති බැක්ටීරියා ලැක්ටෝස් සමඟ ප්‍රතික්‍රියා කර ලැක්ටෝස් ඉන්ටොලරන්ස් රෝග ලක්ෂණ මතු වෙනවා.
"ලැක්ටෝස් ඉන්ටොලරන්ස්" තත්වය ඉතා සුලභ වන අතර එය ලෝක ජනගහනයෙන් 65% කට පමණ බලපානවා. ආසියානු, අප්‍රිකානු සහ අරාබි සම්භවයක් ඇති පුද්ගලයින්ට "ලැක්ටෝස් ඉන්ටොලරන්ස්" ඇතිවීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. "ලැක්ටෝස් ඉන්ටොලරන්ස් " තත්වය වැඩිපුරම දකින්න ලැබෙන්නේ දරුවන් තුළයි. සමහර දරුවන්ට එළකිරි හෝ එළකිරි වලින් නිෂ්පාදිත ෆෝර්මියුලා පානය කරද්දී ශරීරය තුළ ඒකට ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. ඒ, ලැක්ටෝස් ඉන්ටොලරන්ස් සහ කිරි ආසාත්මිකතාවයක් හේතුවෙන් වෙන්න පුළුවන්.

ඔබේ දරුවටත් මෙම රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍යවරයා හමු වෙන්න. 
- හුස්ම හිරවීම හෝ හුස්ම ගැනීමේ අපහසුතා.
- ඉදිමුණු දිව.
- වමනය.
- සුදුමැලි, කඩාවැටෙන සුළු හෝ සිහිසුන් වෙලා නම්.


ලැක්ටෝස් ඉන්ටොලරන්ස් සහ කිරි ආසාත්මිකතා

වයස අවුරුදු 5 ට අඩු ළමුන් තුළ ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තත්ත්වයට වඩා කිරි ආසාත්මිකතා බහුලව දකින්න ලැබෙනවා.
ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කියන්නේ ආහාර ජීරණ පද්ධතියේ ගැටළුවක්. ඒකෙන් අදහස් කරන්නේ කිරිවල අන්තර්ගත සීනි. ඒවා හඳුන්වන්නේ ලැක්ටෝස් ලෙසයි. ඒවා ජීර්ණය කිරීමට අවශ්‍ය එන්සයිමය ඔබේ දරුවාට නැහැ.  
එතකොට කිරි ආසාත්මිකතා කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටළුවක්. දරුවෙක් කිරි බිව්වම ශරීරය විසින් කිරිවල ඇති ප්‍රෝටීන වලට ප්‍රතික්‍රියා කරනවා. ආසාත්මිකතා සාමාන්‍යයෙන් ශරීරයේ අනෙකුත් කොටස් වලට මෙන්ම ආමාශයටද සම්බන්ධ වන අතර සමේ rash හෝ මුහුණේ ඉදිමීම වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. 

ලැක්ටෝස් ඉන්ටොලරන්ස් ඇති වීමට හේතු  


ලැක්ටෝස් කියන්නේ මිනිසුන් ඇතුළු සියලුම ක්ෂීරපායි සතුන් විසින් නිපදවන කිරි වල අන්තර්ගත සීනි වලට. සමහර විට මිනිසුන්ගේ ශරීර තුළ ලැක්ටෝස් බිඳ දැමීමට තරම් ලැක්ටේස් එන්සයිම නිපදවන්නේ නැහැ.  
දරුවන් අතළොස්වක් වගේ ප්‍රමණයක් තමයි උපතින්ම ලැක්ටෝස් ඉන්ටොලරන්ස් ඇතිව ඉපදෙන්නේ. ඔවුන් ඒ විදිහට එන්සයිම නොමැතිව උපදින්නේ දුර්ලභ ජානමය තත්ත්වයක් නිසායි. ඒත් වයස අවුරුදු 5 න් පසුව දරුවන්ගේ ලැක්ටෝස් ඉන්ටොලරන්ස් වර්ධනය වීමක් සිදු වෙනවා. 

ලැක්ටෝස් ඉන්ටොලරන්ස් රෝග ලක්ෂණ සහ රෝග විනිශ්චය 

- සමහර විට කොළ පැහැති දියරමය සිනිඳු මළපහ පිටවීම
- බඩේ කැක්කුම
- ඉදිමීම
- වාතය පිට කිරීම
- බර වැඩි නොවීම
- නැපි රෑෂ් ඇතිවීම  

ඔබේ දරුවාටත් මෙමෙ රෝග ලක්ෂණ තියෙනවා නම් වෛද්‍ය උපදෙස ලබාගන්න. ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තත්ත්වය බඩේ අමාරුවක් නිසා ඇති වුණොත් මව්කිරි දීම දිගටම කරගෙන යන්න. ඔබේ දරුවා කිරි ෆෝර්මියුලා එකකින් පෝෂණය කරනවා නම් අඩු ලැක්ටෝස් හෝ ලැක්ටෝස් රහිත කිරි ෆෝර්මියුලා එකකට මාරුවීමට පෙර වෛද්‍ය උපදෙස් ගන්න.  
ලැක්ටෝස් සහිත කිරි වෙනුවට චීස්, යෝගට්, කැල්සියම් වලින් ශක්තිමත් කළ සෝයා නිෂ්පාදන, ලැක්ටෝස් රහිත කිරි, බටර් සහ ක්‍රීම් ලබදෙන්න පුළුවන් නම් වටිනවා. 


GalleryGallery