රස නහර පිනා යන කූනිස්සෝ සම්බෝල..

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Jul 13, 2022 12:03 PM GMT
Subodha

Subodha

in රචනා
Report

අපි සියලු දෙනාම ආසයි සම්බෝල කන්න . ඉතින් මේ සම්බෝලයට කූනිස්සෝ ටිකක් එකතු කර ගත්තොත් තවත් හොද රසයක් එකතු වෙනවා . අද අපි කියන්න යන්නේ කූනිස්සෝ සම්බෝල හදන ආකාරයයි

අවශ්‍ය ද්‍රව්‍ය -

  • කූනිස්සන් ග්රෑම් 100ක්
  • පොල් ගෙඩියක පොල්
  • වියලි මිරිස්
  • රතු ලූණු
  • ලුණු
  • රම්පේ
  • කරපිංචා
  • අවශ්‍ය නම් උම්මලකඩ 

සාදා ගන්නා අයුරු -

  • පොල් ගෙඩියක් ගා ගත යුතු ය.කූනිස්සන් සෝදා දිය බේරෙන්නට තියා ගත යුතු ය.ඉන් පසු වියලි මිරිස්,රතුලූණු,ලුණු කැට ප්‍රථමයෙන් ගලේ අඹරා , දෙවනුව පොල් ගෙඩියෙන් ගා ගන්නා ලද පොල් අඹරා හොදින් මිශ්‍ර කර පසෙකින් තියා ගත යුතු ය.ඉන් පසු උම්බලකඩ,රම්පේ,කරපිංචා ලියා සියල්ල හොදින් කළවම් කර ළිප තබා කාල් ගාමින් මද ගින්නේ සුවද හමන තෙක් පදමට මළවා ගත යුතු ය.ඉනික්බිති සම්බෝලය බා ගෙන නිවුණු පසු දෙහි ඇඹුල් මිශ්‍ර කර කෑමට ගත හැක. ප්‍රසන්නතාවයකින් යුතු කූනිස්සන් සම්බෝලය ආහාර රුචිය වඩවන ගුණයෙන් පොහොසත් ය. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
join now