මේ විදියට කොහිල කාල තියෙනවාද...?
Healthy Food Recipes
Sri lanka Food Recipes
Sri Lanka Food Crisis
By Subodha
කොහිල කියන්නේ ගොඩක් දෙනෙක් කන්න අකමැති කෑමක්. ඒ වගේම වතුර තියෙන ඕනම තැනක පැල කරන්න පුලුවන් කෑමක්. අද අපි බලන්න යන්නේ කොහිල හදන අලුත්ම විදියක් ගැනයි.
අවශ්‍ය ද්‍රව්‍ය -
- කොහිල අල
- පොල් කිරි ( මිටිකිරි හා දියකිරි වශයෙන් වෙන් වෙන්ව)
- රම්පේ
- කරපිංච
- අමු මිරිස්
- රතු ලූණු
- ලුණු
- මිරිස්
- තුන පහ
- තෙල්
සාදන ආකාරය -
මුලින්ම කොහිල අල සෝදා කුඩා කැබලි වලට කපා ගන්න. පසුව මැටි වලදක් ගෙන කපා ගත් කොහිල හා දියකිරි දමා ගන්න.පසුව එයටම රම්පේ කරපිංච අමු මිරිස් රතු ලූණු ලුණු මිරිස් තුන පහ දමා ලිපක තබා මද ගින්දරේ උයන්න. පසුව එය හිදුනයින් පසුව වෙනත් භාජනයකට දමාගන්න. පසුව නැවතත් පෙර තිබූ මැටි වලද ලිප මත තබා එයට තෙල් ස්වල්පයක් එකතු කර කොහිල අල ව්‍යංජනය ද දමා ගන්න. පසුව එයටම මිටිකිරි දමා අවශ්‍ය නම් කුරුදු ත් එක්කර මද ගින්දරේ හිදවා ගන්න. පසුව එය ලිපෙන් බාගෙන් මදක් නිවෙන්නට හැර ආහාරයට ගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |