පුතුගේ පිංකමට එතෙර සිට ආ කාන්තාව, කපා කොටා මරා දමයි..!

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Dec 07, 2022 12:20 PM GMT
Report

පිටරට සිට තම මියගිය පුතුගේ තෙමස් පිංකමට සහභාගිවීමට පැමිණි බිරිඳව මන්නයකින් කොටා ඝාතනය කර සැමියාද සියදිවි හානිකර ගත් පුවතක් ගොකරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ගොකරැල්ල වෑගම ප්‍රදේශයේ පදිංචිව සිටි නිලූකා විජේසුන්දර නමැති 46 හැවිරිදි කාන්තාව තම සැමියා අතින් ඝාතනයට ලක්ව ඇත. පවුල් ආරාවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

ඝාතනයට ලක්වූ කාන්තාව දිගු කාලයක් විදේශයක රැකියාවක් කරමින් සිට ඇති අතර මීට මාස තුනකට පෙර හදිසි අනතූරකින් මිය ගිය 19 හැවිරිදි තම වැඩිමහල් පුත්‍රයාගේ තෙමස් දානයට සහභාගි වීමට ඇය පසුගිය මස 12 වන දින මෙරටට පැමිණ ඇත.

විවාහයෙන් වෙන්ව සිටි සැමියා හොර රහසේ ඊයේ රාත්‍රියේ කාන්තාව පදිංචිව සිටි නිවස තුළට පැමිණ කාමරය තුළදීම ඇයට මන්නයකින් පහරදී කපා කොටා ඝාතනය කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now