ගෙම්බෙකු නිසා මහ මඟදී ජීවිතයක් නැතිවුන හැටි..කවුරුත් කම්පා කල පුවත..

Sri Lanka Colombo National Hospital Accident
By Sewvandhi Sep 24, 2022 03:31 PM GMT
Report

නිට්ටඹුව දෙසට ධාවනය කරමින් තිබු ත්‍රිරෝද රථයක රියදුරුගේ ඇඟට ගස් ගෙම්බකු පැනීම නිසා බියවී රථය සිය පාලනයෙන් ගිලිහි කිරිඳිවැල, දියගොඩැල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් රියදුරු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

සිය බිරියද සමඟ යමින් සිටියදී ඇඟට පනින ලද ගස් ගෙම්බා ඉවත් කිරීමට ගොස් රථය ඔහුගේ පාලනයෙන් ගිලිහී ඇති අතර එම අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදි දෙකක්ද ත්‍රිරෝද රථයේ ගැටී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඌරාපොළ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකු වන අතර බරපතළ තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිට තිබෙනවා.

රිරෝද රථ රියදුරුගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකොට යැවූ බවත් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන බවද කිරිඳිවැල පොලිසිය පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now