කවුරුත් පුදුම කරමින් එලියට ආ ඝාතකයාගේ අතීතය

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Aug 09, 2022 10:56 AM GMT
Report

ආයුධ පෙන්වීම සඳහා ගොස් කඩුවෙල ගල් කොරියකින් ඇදවැටී ජීවිතක්ෂයට පත්වූ සැකකරු පිළිබඳව මේ වනවිට තවත් තොරතුරු රැසක් වාර්තා වී තිබේ. සංවිධානාත්මක අපරාධකරුවකු සහ කුලී ඝාතකයෙකු වන මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති තුවාන් සිරාන් නැමැත්තා මියයනවිට හරක් කටාගේ ගෝලයෙකු ලෙස කටයුතු කර ඇත.

ඔහු මීට පෙර ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්වූ බවට පැවසුණු සංවිධානාත්මක අපරාධකරුවකු වූ අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයෙකු ලෙසද කටයුතු කර ඇති බව පොලීසිය පවසයි. එකළ අංගොඩ ලොක්කාගේ ප්‍රධානතම ඉලක්ක වෙඩික්කරු ලෙස කටයුතු කර ඇත්තේද මෙම පුද්ගලයාය. වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේදී මන්නාවලින් කපාකොටා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම ඔහුට එරෙහිව ඇති එක් අපරාධ චෝදනාවකි.

ඊට අමතරව 2016 වර්ෂයේ මෝදරදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම, 2019 - 2017 වර්ෂවලදී වැල්ලම්පිටියේදී පුද්ගලයින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීම, 2019 වර්ෂයේ කොලොන්නාව මාදින්නාගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීම ඔහුට එරෙහිව ඇති අනෙකුත් මනුෂ්‍ය ඝාතන චෝදනා වෙයි. එසේම ජීවිතක්ෂයට පත්ව ඇති සැකකරු 2016 වර්ෂයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගංජා ළඟ තබාගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන තිබේ.

2018 වර්ෂයේ ඡීව අත්බෝම්බ දෙකක් සමග අත්අඩංගුවට පත්ව ඇති සැකකරු එම වර්ෂයේදීම මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ වරදට අත්අඩංගුවට පත්ව ඇති බව පොලීසිය පවසයි. අදාළ සැකකරු මීට අමතරව හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ 2019 වර්ෂයේ දී පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 02 වනදා කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුමුදු රුක්ෂාන් ඝාතන සිද්දියේ ප්‍රධාන සැකකරු වන්නේද මෙලෙස ඝාතනයට ලක්ව ඇති තුවාන් සිරාන් නැමැත්තාය. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ විශේෂ විමර්ශනයකදී සැකකරු ගිණි අවියක් සමඟ අත්අඩංගුවට පත්වන අතර සඟවන ලද ආයුධ තොගයක් පෙන්වීමට යාමේදී පලායාමට තැත්කළ සැකකරු කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී ගල්කොරියකට අදවැටී ජීවිතක්ෂයට පත්ව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now