නොහිතපු වෙලාවක, මහ රෑ ශාන්තිකර්මයක් අතරතුර සිදු වූ විපත්තිය..

Sri Lanka Police Sri Lanka
By krishani May 23, 2022 03:44 AM GMT
krishani

krishani

in අපරාධ
Report
Courtesy: Divaina

කුරුණෑගල මාවතගම - පරගහදෙණිය සිංහපුර ප්‍රදේශයේ නිවසක ශාන්තිකර්මයක් පවතින අතරතුර පෙරේදා(21) රාත්‍රි 11.00ට පමණ එම නිවසට පැමිණි අවිගත් පුද්ගලයකු නිවෙස් හිමියාට වෙඩි තබා ඝාතනය කර පළාගොස් ඇතැයි මාවතගම පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ මොහොමුදුතාහා මොහොමඩ් නොහොත් අංජු නමැති 45 හැවිරිදි පුද්ගලයෙක් ය.

සිද්ධිය වූ දින මියගිය අයගේ 11 හැවිරිදි දරුවකු වෙනුවෙන් එම නිවසේ පැවති ශාන්තිකර්මයක් පැවැත්වෙමින් තිබියදී අවිගත් සාහසිකයා නිවස තුළට කඩාවැදී මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇත.

මියගිය අය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ(22 දා) කුරුණෑගල රෝහලේ පැවැත්වීමට නියමිතව තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join