ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරේ
Shiranthi Rajapaksa
Colombo National Hospital
Law and Order
Latest Headlines
Sinhala news
By R.rishma
රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක එස්.කේ. පල්ලේතැන්න මහතා සඳහන් කර ඇත්තේ, බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිර්දේශ මත ඇය මෙලෙස කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත මාරු කර යැවූ බවයි.
ඒ අනුව, වෛද්‍ය නිර්දේශ මත ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වන විට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.