පවුල් ආරවුල මැදට පැන්න පියා, තියුණූ ආයුධයකින් පහර දී සිදු කළ පුද්ගල ඝාතනය..

Sri Lanka Police Sri Lanka
By krishani May 28, 2022 04:00 AM GMT
krishani

krishani

in අපරාධ
Report

කැකිරාව පොලිස් වසමේ උඩ කොරසගල්ල ප්‍රදේශයේ දී ඊයේ(27) රාත්‍රී කාලයේ දී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 45 හැවිරිදි කැකිරාව ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක් වන අතර මරණකරු සිය බිරිඳ සමග නිරතරු ආරවුල් ඇතිකරගෙන ඇති අතර මරණකරුගේ බිරිඳ අසල නිවසකට ගොස් සිටිය දී එම නිවසට පැමිණ මරණකරු විසින් බිරිඳට පහරදීම නිසා උරණ වු ඇගේ පියා විසින් අදාළ පුද්ගලයාට මෙලෙස තියුණු ආයුධයකින් පහර දී ඇත.

මෘත ශරීරය කැකිරාව රෝහලේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join