විදෙස් රූමත් තරුණියට අතවර කරද්දී ලාංකික පෙම්වතා 13ක් සමඟ පොරබදල බේරා ගත් හැටි මෙන්න..

Sri Lanka Police Sri Lanka
By Aruna Sep 26, 2022 02:25 AM GMT
Report

තරුණියට අතවර කළ 13ක් පොලිසියෙන් අල්ලයි යාපනය කාරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරය නැරඹීමට පැමිණි ස්පාඤ්ඤ ජාතික තරුණියකට ලිංගික අතවර කළ තරුණයන් 13 දෙනකු කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (26දා) දක්වා රක්ෂිත බන්ධනාගාර නියෝග කර ඇත.

මෙරට සංචාරයේ නිරත වූ විදෙස් තරුණිය පසුගිය 22 වැනිදා යතුරුපැදියකින් සිය ශ්‍රී ලාංකික පෙම්වතා සමගින් ප්‍රදීපාගාරය නැරඹීමට පැමිණ ඇත.

ප්‍රදීපාගාරයට යාබද වන ප්‍රදේශයක පිහිටි තණ භූමියක තරුණයන් පිරිසක් මත්පැන් පානය කර සිටියේ ඒ අතර සිටි එක් තරුණයකුගේ උපන්දිනයක් සමරමිනි.

එම තරුණයන් රූමත් ස්පාඤ්ඤ තරුණිය දැක ඇයගේ පෙම්වතා තල්ලු කර තර්ජනය කරමින් තරුණියට අතවර කර ඇත.

එම සල්ලාලයන් සමගින් පොරබදිමින් පෙම්වතිය බේරාගත් තරුණයා පෙම්වතිය ද යතුරුපැදියේ නංවාගනිමින් ක්ෂණයෙන් කාරෙයිනගර් පොලිස් මුරපොළ වෙත ගොස් මේ පිළිබඳ පැමිණිල්ලක් සිදුකර ඇත.

මේ අනුව කාරෙයිනගර් පොලිස් මුරපොළේ නිලධාරීන් කයිට්ස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.පී.ඒ. විදානපතිරණ දැනුවත් කර ඇත.

කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිසිය පැයක් ගතවීමට මත්තෙන් සැකකරුවන් දසදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැමිණෙන විගසම ඔවුන් අතර සිටි තරුණයන් තිදෙනකු පලාගොස් තිබෙන අතර ඔවුන් 23 වැනිදා කයිට්ස් පොලිසිය වෙත භාර වී තිබේ.

සැකකරුවන් 13 දෙනාම කාරෙයිනගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මේ පිළිබඳ කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now