හවස තේ එකට කවුරුත් ආසාවෙන් කන කෙසෙල් වලින් කැවුම් හදමු...

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Aug 14, 2022 11:22 AM GMT
Subodha

Subodha

in රචනා
Report

කැවුම් යනු වටිනා හෙළ මවුලකි. සියවස් (හෝ සහස්‍ර) ගණනක අතීතයක් ඇති මෙහි නාමයේ මුල සෙවීමේ දී, 'කන දේ කැවුම්' බව පෙනේ. අතීතයේ දී රාජ්‍ය වටිනාකමක් කැවුමට තිබී ඇති අතර වත්මනේ දී කැවුමේ වැදගත් කම වැඩි වන්නේ සිංහල අලුත් අවුරුද්දේ දීය. පෙර කල කැවුම් වර්ග 18ක් තිබී ඇත. මේ ගැන සද්ධර්ම රත්නාවලියේ ලියවී තිබේ.

රජ කාලයේ දී අලුත් අවුරුද්දට රජු බැහැ දැකීමට එන උසස් රාජ්‍ය නිලධාරියෝ ගෙනෙන තෑගිබෝග අතර කැවුමට මුල් තැනක් වූ අතර යුධ පිටියේ දී කැවුම ඖෂධයක් විය. සොල්දාදුවන්ගේ කෑමට තැනින් තැනට පහසුවෙන් කැවුම් ගෙන යා හැකි වූ අතර තුවාල නරක් වීම වැලැක්වීය.

අද අපි හදන්න යන්නේ කෙසෙල් කැවුම් ලොකු පොඩි කවුරුත් ආස කෙසෙල් වලින් කැවුම් හදලා ඔබේ පොඩි දරුවටත් ලබා දෙන්න මෙන්න විදිය. 

අවශ්‍ය ද්‍රව්‍ය-

  • කෙසෙල් (ඇඹුල් කෙසෙල්) ග්‍රෑම් 300g
  • පොල් පැණි කෝප්ප 2
  • පොල් කිරි කෝප්ප 2
  • කහ කුඩු මේස හැඳි ¼
  • පිටි ග්‍රෑම් 250g
  • සීනි කෝප්ප 2
  • කරදමුංගු ඇට 2
  • තල ඇට මේස හැඳි 1½
  • කෙසෙල් රසය ඇති ද්‍රවණය මේස හැඳි ½
  • අවශ්‍ය පරමනයට ලුණු
  • තෙල් 


සාදන අයුරු -

  • පෑන් එකට පොල් පැණි දමා රත් කරගන්න. සීනි සහ කුඩු කරගත් කරදමුංගු පෑන් එකට එකතු කරගන්න. හැඳි ගා හොඳින් මිශ්‍ර කරගන්න. ගින්දර නවත්වා මිශ්‍රණය පිළිගන්වන දීසියකට දමාගන්න. කැවුම් සකස් කරගැනීම පිටි, ලුණු, කහ කුඩු, තල ඇට, කෙසෙල් රසය ඇති ද්‍රවණය සහ පොල් කිරි භාජනයකට දමන්න. එම අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කොට මිශ්‍රනයක සකස් කරගන්න. පසුව භාවිතයට ගැනීමට පසෙකින් තබන්න. ලෙලි ඉවත් කොට කෙසෙල් වෙනත් භාජනයකට දමන්න. කෙසෙල් පොඩි කරගන්න. පෙර සකස් කරගත් මිශ්‍රණය පොඩි කරගත් කෙසෙල් වලට වක් කොට කැවුම් සකස් කිරීම සඳහා හොඳින් මිශ්‍ර කරගන්න.
  • පෑන් එකේ තෙල් රත් කරගන්න. කුඩා කෝප්පයක් යොදාගෙන කැවුම් සඳහා සකස් කරගත් මිශ්‍රණයෙන් කොටසක් පෑන් එකට දමන්න. රත්රන් දුඹුරු පැහැය වෙන තුරු බැදගන්න. ඉවතට ගෙන ඔබට අවශ්‍ය ප්‍රමාණය සකස් කරගන්නා තුරු එම පියවර නැවත නැවත කරන්න. පිළිගන්වන දීසියේ සකස් කරගත් පැණි සිරප් එක සමඟ කැවුම් තබන්න. කැවුම් කැබලි පැණි සිරප් එකේ බහා මිනිත්තු 10ක් පමණ මැරිනෙට් කරන්න. උණුවෙන් පිළිගන්වන්න. 

ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now