තවත් බිහිසුණු වෙඩි තැබීමක්..! තරුණයෙකු ජීවිතක්ෂයට..

Shooting Sri Lanka Sri Lanka Police Investigation Gun Shooting
By Sewvandhi Jul 30, 2023 11:43 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කෙසෙල්වත්ත පොලිස් වසමේ, මාටිස් ලේන් ප්‍රදේශයේ දී අද (30) සවස වෙඩිතැබීමක් සිදුව තිබේ.

එනම් මෙහිදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනිඅවියකින් මාර්ගය අසල රැඳී සිටි තරුණයෙකුට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.

වෙඩි වැදීමෙන් කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් පළා ගොස් ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.