බාලවයස්කාර දරුවන්ට ලිංගික අතවර කළ හිමිනමට සිදුවූ දේ..

Sri Lanka Child Abuse Crime
By Sewvandhi Jan 11, 2023 05:49 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා,බාලවයස්කාර දරුවන් දෙදෙනකුට ලිංගික අතවර කළැයි ළමාරක්ෂණ අධිකාරිය අත්අඩංගුවට ගත් කඩවත රන්මුතුගල ප්‍රත්‍යාලංකාරාම විහාරයේ විහාරාධිපති ‘කැළණීයේ සුදම්ම’ හිමි රුපියල් ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අද නියෝග කළේය.

සැකකාර හිමිනමගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළ අධිකරණය වින්දිත දරුවන් රැදී සිටින ළමා නිවාසයේ කිසිදු දරුවකුට බලපෑමක් නොකරන ලෙසටද සැකකාර හිමිනමට තරයේ අවවාද කළේය. 

 රන්මුතුගල ශ්‍රී විමලවංශ ළමා නිවාසයේ සිටි වයස අවුරුදු 14ක් සහ 17ක් වන දරුවන් දෙදෙනකුට මුදල් සහ ජංගම දුරකතන ආදිය ත්‍යාග ලෙස ලබා දෙමින් මෙම සැකකාර හිමිනම එම දරුවන්ට ලිංගික අතරව කර ඇති බවට ලද පැමිණීල්ලකට අනුව හිමිනම අත්අඩංගුවට ගත් බව ළමා රක්ෂණ අධිකාරිය වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ පොලිස් සැරයන් 13275 ලක්ෂ්මන් නිලධාරියා දැනුම් දුන්නේය. 

 ළමා නිවාසයේ සිටින තවත් දරුවකු රාත්‍රී කාලයේදී එම ළමානිවාසයේ සිටි වින්දිත දරුවන්ව සැකකාර හිමිනමට ගෙනගොස් තැරැව්කර ඇත්තේ ළමා නිවාසයේ ජනේලයෙන් එළියට රැගෙනීමෙන් පසුව බව ද ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now