කැළණිතිස්ස විදුලි බලාගාරය අක්‍රීය වෙයි..විදුලි කප්පාදුව වැඩි කරයි?.
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
කැළණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු මේ වනවිට නවතා දමා ඇති බව වාර්තා වනවා.
දීර්ඝ කාලීන අලුත්වැඩියාවකින් පසුව නැවත විදුලි ජනනය ආරම්භ කළ කැලණිතිස්ස විදුලි බලාගාරයේ තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් මෙසේ ජනන කටයුතු අත්හිටුවීමට සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.
එම බලාගාරයේ බෙයාරිං පද්ධතියට සිදුව ඇති හානියක් නිසා මෙසේ ජනන කටයුතු නවතා දමා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා පැවසුවේය.
කෙසේවෙතත් කැළණිතිස්ස බලාගාරය සඳහා අවශ්‍ය නැප්තා ඉන්ධන නොමැති වීමෙන් මෙසේ එහි ජනන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බවක් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක මණ්ඩලයේ සාමාජික ධම්මික විමලරත්න මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |