පෝෂණය සම්බන්ධයෙන් අලුත්ම වැඩපිළිවෙළක්..

Keheliya Rambukwella Sri Lanka Ministry of Health Sri Lanka
By krishani Oct 08, 2022 04:17 AM GMT
krishani

krishani

in ආහාර
Report

පෝෂණය සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති අතර එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කාර්ය සාධක බලකාය පිහිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

එම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ලෙස සායනික පෝෂණවේදය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුම ඇති වෛදවරුන් ඇතුළු පිරිසක් පත් කිරීමට නියමිතයි.

ඊට සමගාමීව 2022 – 2024 හදිසි පෝෂණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ ඔස්සේ දිවයින පුරා ඒ ඒ වයස් කාණ්ඩ ඇතුළු විවිධ කාණ්ඩ ඔස්සේ එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කිසිදු අඩුපාඩුවකින් තොරව පෝෂණ ගුණය රැකෙන පරිදි දිවයිනේ සෑම රෝහලකටම ආහාර ලබාදීමේ වැඩසටහන කාර්යක්ෂම කරන ලෙස ද කෙහෙලිය රඹූක්වැල්ල මහතා උපදෙස් ලබා දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join