හැමදාම ඉල්ල ඉල්ලා කන කෙහෙල් මුව රෙසිපි එකක් මෙන්න...

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Aug 10, 2022 10:23 AM GMT
Report

කෙහෙල් මුව කියන්නේ කවුරුත් වැඩිය කන්න ආස නැති කෑමක්. ඒත් රසට කෙසෙල් මුව හැදුවාම හැමදාම ඉල්ල ඉල්ලා කයි. මෙන්න රෙසිපි එක.

අවශ්‍ය ද්‍රව්‍ය -

  • කෙහෙල් මුවක්
  • හීනියවට ගා ගත් පොල් මිටක් පමන
  • උම්බලකඩ කුඩු ටිකක්
  • රතු ලූණු ටිකක්
  • සිහින්ව කපා ගත් අමු මිරිස් කරල්
  • රස අනුව ලුනු කුඩු
  • හාල් මැස්සන්
  • තෙල් 


සාදන අයුරු - 

කෙසෙල් මුව සිහින්ව කපා ගන්න. ඉන් පසුව සිහින්ව ලිය ගෙන ලුණු වතුරෙ දමන්න. (කෙසෙල් මුව කහට පිපීමෙන් වලක්වා ගැනීම සදහා) මද වෙලාවකින් වතුරෙන් ගෙන හොදින් මිරිකා ගන්න. රතු ලුණු, අමු මිරිස් සිහිනව කපගෙන, එයට සිහින්ව ගා ගත් පොල් දමා උම්බලකඩ දමන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කර කෙසෙල් මුව සමග හොදින් කලවම් කරගන්න. පසුව හොදින් රත්වු තාච්චියක් ලිපමත තබා ගෙන එය රත් වු පසු තෙල් දමන්න. පසුව හාල් මැස්සන් තෙලට දමා බැදෙන්න තබන්න. ඉන් පසු සාදාගත් කෙසෙල් මුව මිශ්‍රණය එයට දමා මද ගින්නේ පිස ගන්න. හොදින් තැම්බී පමණට ආ පසු ලිපෙන් බාගන්න දැන් ඔබට රසවත් කෙසෙල් මුව බැදුමක් රස බලන්න පුළුවන්.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now