ගමක් කම්පාකළ ද්විත්ව ඝාතනයෙ නවතම සීසීටීවී දර්ශන එළියට..(CCTV VIDEO)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jun 29, 2022 11:06 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කුඩා වෑන් රථයකින් යමින් සිටි පුද්ගලයන් දෙදෙනකුව අද (29) මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කර තිබුණි. කටුබැද්ද බණ්ඩාරනායක මාවත ඇවිදින මංතීරුව ඉදිරිපිට දී T56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතබා එම ඝාතන සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

ඝාතනයට ලක්වී ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් T56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

විදේශගතව සිටින මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුර  "කුඩු සලිදු" නමැත්තාගේ ගෝලයන් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව මේ වනවිට  අනාවරණ වී ඇතැයි පොලීසිය පවසයි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් මොරටුව පොලීසිය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඒකාබද්ධව විමර්ශන සිදු කරයි. වෙඩිතැබීම සිදුකරන අයුරු අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now