තවත් ශ්‍රී ලාංකිකයෙකු විදෙස් රටක දී ඝාතනය කරයි.. සම්පූර්ණ විස්තරය.

Crime srilanka murder katar
By Sithumi Jan 31, 2022 02:55 PM GMT
Report

කටාර් රාජ්‍යයේ දෝහා හිදී සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් ඇති පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු නොවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 

 නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ බව සඳහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය පියංකර ජයරත්න මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බලා ඇත. 

ඒ අනුව මේ පිළිබඳව සොයා බැලිමට කටාර් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයට දන්වා ඇත. අදාළ නිවේදනයේ සඳහන් වන්නේ ඒ අනුව කටාර් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ ප්‍රධානී නිතීඥ කීර්ති මුතුකුමාරණ මහතා විසින් අදාල ප්‍රදේශයේ පොලිසිය වෙත ගොස් කරණු සොයා බලා ඇති බවය. 

එම පොලිසිය මගින් තහවුරු කර ඇත්තේ මියගිය පුද්ගලයා ශ්‍රී ලාංකිකයකු නොවන බවටය. පසුව අදාල ප්‍රදේශයේ රෝහලද පරික්ෂා කර ඇති අතර වෙඩි තැබිමකින් මියගිය ශ්‍රී ලාංකික පුද්ගලයකුගේ දේහයක් නොමැති බවට තහවුරු වි තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now