මේ පාතාලයේ අවසානයද..? කන්ජිපානි සහ රොටුඹ අමිලත් කොටුවෙයි...

Crime Branch Criminal Investigation Department Drugs Murder
By Sithumini Aug 01, 2024 09:50 AM GMT
Sithumini

Sithumini

in අපරාධ
Report


විදෙස් රටවල සිට මෙරට සංවිධානාත්මක මත්ද්‍රව්‍ය සහ අපරාද ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කන්ජිපානි ඉම්රාන් සහ ලොකු පැටී හදුන්වන්න පුලුවන්.

ලොකු පැටී සමග සිටි කංජිපානි ඉම්රාන් හා රොටුඹ අමිල රුසියාවට පළා ගොස් සිටියදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා.

ඒ පිළිබඳව මෙරට ආරක්ෂක අංශ මෙතෙක් නිල වශයෙන් දැනුම්වත් වී නැති බවයි වාර්තා වන්නේ. මඟින් ඒ පිළිබඳව තහවුරු කරන ලෙස ජාත්‍යන්තර පොලීසියෙන් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.

ඉම්රාන් හා රොටුඹ අමිල මාකඳුරේ මධූෂ් සමග ඩුබායීහීදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ අතර අනතුරුව ඔවුන් දෙදෙනා අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසුව මෙරටින් පළා ගොස් විදෙස්ගතව සැඟව සිටියා.

පසුගියදා සිදුවූ ක්ලබ් වසන්ත ඇතුළු පිරිසකට සිදුවූ මාරාන්තික වෙඩි ප්‍රහාර සම්බන්ධයෙන්ද ඉහත අපරාධකරුවන් දැඩි කතාබහට ලක්වුණාེ

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%