මාර්ගයේ ගමන්ගත් තිදෙනෙක් යටකළ බිහිසුණු අනතුර - තරුණියක් අවසන් ගමන් යයි - (VIDEO)

Kandy Sri Lanka Accident
By Sithumi Oct 06, 2022 11:00 AM GMT
Report

මාර්ගයේ ගමන්කරමින් සිටින තිදෙනෙකු යටකරමින් වෑන් රථයක් අනතුරට ලක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී. අදාළ අනතුර සිදුව ඇත්තේ මහනුවර මුල්ගම්පල ප්‍රදේශයේදීය.

මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර හීරැස්සගල පදිංචි 21 හැවිරිදි වියේ පසුවූ තරුණියකි. 

 අනතුරින් ඇයගේ සොහොයුරා සහ මව බරපතළ තුවාල ලබා රෝහල්ගතකර ඇති බව වාර්තා වෙයි. අදාළ අනතුර මාර්ගයේ නවතා තිබූ වෙනත් රථයක ඉදිරිපස සවිකර තිබූ කැමරාවක පටිගතව ඇත.

එම අවාසනාවන්ත අනතුරේ දර්ශන..

 (වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now