නිවසකට වෙඩි තබයි..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Gun Shooting
By Sewvandhi Oct 05, 2023 03:12 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොලීසිය පවසන්නේ අද(05) උදෑසන කාලයේ, කඳාන පොල්පිතිමූකලාන ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි.

කොළඹ ජාතික රෝහලේ සේවයේ නිරත අයෙකුගේ නිවස ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.

කෙසේ වෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීම සිදුකර ඇතිබවට තොරතුරු වාර්තාවෙයි.

වෙඩිතැබීම සඳහා රිවෝල්වරයක් භාවිත කර ඇති බවට පොලීසිය සැකපළ කරයි. කඳාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.