ඉන්ධන ජූනි මාසයට ඇනවුම අක්‍රිය වෙයි.. ඉදිරි මාසයේ ඉන්දන ගැටලුවත් උග්‍ර වෙයි...

By Sithumi May 15, 2022 10:55 AM GMT
Report

ජුනි මාසයේ මෙරටට කිසිදු ඉන්ධන නැවක් ඇනවුම් කර නොමැති නිසා රටේ ඉන්ධන අර්බුදයක් ඇතිවිය හැකි යැයි තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙම මස 16, 17 දිනවල ඉන්දියන් ණය යටතේ ඩීසල් නැව් දෙකක් සහ ඉන්පසු පෙට්‍රල් නැවක් පැමිණීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පැවසීය. මෙම නැව් පැමිණීමෙන් පසු ඉන්දීය ණය යටතේ මෙරටට ඉන්ධන ලබාදීම අවසන් වන බවත්, ජුනි මාසයේදී ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාවට තවමත් හැකියාවක් නොමැති වී ඇති බවත් එම ආරංචි මාර්ග පැවසීය.

මේවන විට මිලියන 71 ක් ගෙවා ලබා ගැනීමට තිබූ බොරතෙල් නැවක්, පෙට්‍රල් නැවක් සහ දැවිතෙල් නැවක් මෙරටට ළඟා වී දින ගණනාවක් ගත වී ඇතත් ඒවායේ ඉන්ධන ගොඩබෑමට ඩොලර් නොමැතිවීම නිසා හැකියාව නැති වී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now