විනිශ්චකාරවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සත් පුද්ගල කමිටුවක්..! පොලීසියෙන් විශේෂ නිවේදනයක්..!

Sri Lanka Supreme Court of Sri Lanka Sri Lanka Magistrate Court Ministry of Defense Sri Lanka
By Sewvandhi May 08, 2022 10:31 AM GMT
Report

අධිකරණවල සහ අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් නිකුත් කර ඇති චක්‍රලේඛ යළි සලකා බලා පරිපාලනමය ගැටළු ඇති නොවන ආකාරයට සංශෝදන තිබේ නම් නිර්දේශ යොමු කිරීමට 07 පුද්ගල කමිටුවක් පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

කඩුවෙල මහේස්ත්‍රාත්තුමියගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට මාධ්‍ය ඔස්සේ සිදුවන ප්‍රචාර පිළිබදව සොයා බලා වාර්තා කරන ලෙසට පොලිස්පතිවරයා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. 

 කඩුවෙල මහේස්ත්‍රාත්වරිය අධිකරණයට පැමිණි දිනයේ සිටම පොලිස් ආරක්ෂාව ලබාදීමට පොලීසිය කටයුතු කර තිබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරන්නේ.ඇයගේ නිවසේ ආරක්ෂාවට හා පෞද්ගලික ආරක්ෂාවට ද කටයුතු යොදා තිබුණා.

කෙසේ වෙතත් පසුගිය පස්වනදා මහේස්ත්‍රාත්වරිය නිවසෙන් අධිකරණයට පිටත්ව ගිය පසු නිවසේ ආරක්ෂාවට සිටි නිලධාරියා උදෑසන 10 ට පමණ කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ අවසරයකින් තොරව රාජකාරි ස්ථානයෙන් බැහැරව ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.

ඔහු එම ස්ථානයේ රාජකාරියේ යෙදීසිටින බවට හැගෙන ලෙස කටයුතු කර ඇති බවද පොලීසිය පැවසුවා. අදාළ නිලධාරියා රාජකාරිය පැහැරහැරීම පිළිබද පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස්පතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පොලිස් විමර්ශන ඒකකයට මේ පිළිබද විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ. රාජකාරි පැහැර හැරීම සිදුකළ අදාළ පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට වැඩ තහනමකට ලක්ව සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery