ජොන්ස්ටන්ගේ නිවසට හානි කළ දෙදෙනෙකුට සිදුවූ දේ

Johnston Fernando Sri Lankan protests Sri Lanka SL Protest
By Sewvandhi Sep 08, 2022 04:36 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පසුගිය මැයි මස 09 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසට හා දේපොළවලට පහරදී අලාභ හානි සිදු කර දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාස නිලධාරීන් ඊයේ උදෑසන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, 22 සහ 23 හැවිරිදි වියේ පසු වූ හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මේ අතර මැයි මස 09 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී එහි දේපොළවලට හානි කළ බව කියන තවත් සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවුසවේ, කොළඹ උතුරු කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරිනී ඊයේ රාත්‍රි දියත උයන ප්‍ර‌දේශයේදී ඇය අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියට භාර දී ඇති බවයි. වයස අවුරුදු 47ක් වන සැකකාරිය බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now