ක්‍රිකට් විචාරකයෙකුගේ බිරිද සහ දියණියන් දෙදෙනා සාහසික ලෙස ඝාතනය කෙරේ..

Cricket England World Sports
By Sithumini Jul 11, 2024 07:36 AM GMT
Report


එංගලන්තයේ උතුරු ලන්ඩනයේදී දුන්නක් භාවිත කර කාන්තාවන් තිදෙනෙක්ව ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ බීබීසී හි ප්‍රකට ක්‍රීඩා විස්තර ප්‍රචාරකයෙක් වන ජෝන් හන්ට් ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනායි.

කයිල් ක්ලිෆර්ඩ් නම් සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම සැකකරු විසින් හර්ට්ෆොඩ්ෂයර් හි පිහිටි ඔවුන්ගේ නිවසේදී එම කාන්තාවන් තිදෙනාට ප්‍රහාරය එල්ලකර තිබුණු බවයි වාර්තා වන්නේ.