මේ පුවත පලතුරු කන්න කැමති ඔබ වෙනුවෙන් - ජපානයේ ගොවීන් පිරිසක් විසින් සොයාගත් අලුත්ම පලතුර.

Japan
By krishani Jul 14, 2023 11:03 PM GMT
Report

ජපානයේ ගොවීන් පිරිසක් විසින් ලෙමන් සහ පැණි කොමඩු ශාකය එක්කිරීමෙන් දෙමුහුම් පළතුරක් නිපදවා තිබෙනවා.

මෙම විශේෂ පලතුර ලෙමන් පැණි කොමඩු ලෙස නම් කර ඇති අතර  මෙතෙක් ජනතාව රස බලා නොමැති පළතුරක් වේ.

ලෙමන් පැණි කොමඩු ආහාරයට ගනු ලබන්නෙකුට ඇඹුල් රසයක් එක් වූ ගැඹුරු පැණි රසක් දැනෙන බව ජපාන ගොවීන් පවසයි.

කෙසේ වෙතත්, මෙය ප්‍රථම වරට වෙළඳපොළට නිකුත් කර ඇති අතර ජපාන වෙළඳපොළ තුළ මෙම පළතුර ඇමෙරිකානු ඩොලර් 23.30 ක එනම් ශ්‍රී ලංකා රුපියල් 7000 ක් පමණ මුදලකට අලෙවි වෙයි.