මාමාව මරුතුරුලට යැවූ බෑනාගේ පහරදීම.

Sri Lanka Police Jaffna Sri Lanka Police Investigation Crime
By Sewvandhi Dec 14, 2023 08:05 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

සිය බෑනා සිදුකළ පහරදීමකින් යාපනය, කරවෙඩ්ඩි, නෙල්ලියඩි ප්‍රදේශයේදී තුවාල ලැබු පුද්ගලයෙකු යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි නේසරාසා ඇන්ටන් නමැති පුද්ගලයෙකු බවයි, පොලීසිය පැවසුවේ.

පසුගිය 09 වැනිදා, මියගිය පුද්ගලයාගේ අක්කාගේ පුතා විසින් බීමතින් පැමිණ සිය මාමාට පහරදීමක් සිදුකොට ඇති අතර, පහරකෑමෙන් තුවාල ලැබු පුද්ගලයා යාපනය රෝහලට ඇතුළත් කොට තිබිණ.

ඊයේ (13) තුවාලකරු ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබු අතර, පහරදීම සිදුකළ පුද්ගලයා යාපනය,මන්තිකෙයි ප්‍රදේශයේ සැඟව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු යාපනය පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් නේල්ලිඅඩි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි