කොස් ගසේ රසම කොටසින් කොස් ඉරි මැල්ලුම ගෙදරදිම හදමු...
Jack Fruit
Healthy Food Recipes
Sri lanka Food Recipes
Sri Lanka Food Crisis
By Subodha
වරකා යන ජනප්‍රිය වචන වලින් හැදින්වෙන ඉදුණු කොස් රස ගුණ පලතුරක් වුව ද පැසුණු කොස් තැම්බුම ආහාරයට ගැනීම සදහා පොල් අවශ්‍යවේ. කොස් ආහාරයට ගැනීමේ දී සුදු පොල් හැටියටත්, සම්බල හැටියටත් පොල් මූලික අවශ්‍යතාවක් වේ. කොස් මැල්ලුමට මෙන්ම කිරිකොස් මාළුවටත්, කොස් ඇට වලින් හදා ගන්නා කළු පොල් මාළුවටත් පොල් අනිවාර්ය අවශ්‍යතාවක් වේ. ඒ සියළු ආහාර පරදවමින් කොස් මැල්ලුම් රසවත් කෑමක් වි හමාරය. කොස් මැල්ලුම් හදන අයුරු දැනගමු මෙන්න.
අවශ්‍ය ද්‍රව්‍ය -
- පැසුණු කොස් ගෙඩියක කොස් ඉරි (මැල්ලුමකට අවශ්‍ය පදමට)
- සිහින්ව ගා ගත් පොල්
- කපා ගත් වියලි මිරිස්
- ලුණු
- තෙල්
- අබ ස්වල්පයක්
- රම්පෙ
- කරපිංච
- ලූණු
සාදන අයුරු -
- කොස් ඉරි සිහින් කැබලි වලට කපා ගන්න. පසුව එයට ලුණු දමා හොදින් කලවම් කරන්න. පසුව භාජනයක් ලිපමත තබා එයට තෙල් දමා අබ දමා හොදින් අබ පිපුරුණ පසු රම්පෙ, කරපිංච, ලූණු හා කපාගත් මිරිස් දමන්න. අනතුරුව එම දෑ තෙලේ බැදුණයින් පසු කපා සාදා තිබු කොස් ඉරි දමා හොදින් කලවම් කරන්න. පසුව වතුර ස්වල්පයක් දමා හොදින් තබා වතුර සිදි මැලවෙන්න පිස ගන්න. පසුව පොල් දමා හොදින් මැලවුණ පසුව පිපෙන් ඉවත් කර ගෙන බත් සමග උණුවෙන් ආහාරයට ගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |