අද 3.30ට සිංහලෙන් පිට රටක කරන්න යන අමුතුම වැඩේ මෙන්න..

Sri Lanka
By Aruna May 01, 2022 04:13 AM GMT
Report

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් තවත් දේව මෙහෙයක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සිංහල බසින් දිව්‍ය පූජාවක් ඉතාලියේ පාදුවාහි ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දී අද(01) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම දේව මෙහෙය සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඇතුලු පිරිසක් සහභාගි වන බව කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමන් සඳහන් කරයි.

ඉතාලියේ වේලාවෙන් දහවල් 12.00 ට එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3.30 ට එය පැවැත්වෙනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now